කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි


කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් කොළඹ - නුවර  මාර්ගයේ කොළඹ දෙසට වන මං තීරුව අවහිර වී  දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. කන්ටේනරය එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව පොලිසිය කියයි.

(ඡායාරූපය - ශාන්ත සෙනෙවිරත්න)