කෝච්චි 20ක් උදේ දුවයි


 

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

අද උදෑසන 8 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.

දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා මෙලෙස ධාවන කටයුතු අඛණ්ඩව කරන බව ජනාධිපති කාර්යාලය කියයි.


යුද හමුදා ආරක්ෂාව මැද දුම්රිය කීපයක් දුවයි

(යොහාන් භාසුර, පුෂ්පකුමල්ලවාරච්චි සහ තිලකරත්න දිසානාය)

යුද හමුදා ආරක්ෂාව මැද  කාර්යාල දුම්රිය 10 ක් පමණ අද (15) අලුයම ධාවනය කළ බව  දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට පිටත්ව ඇති බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ ධාවනය කළ ඇතැම් දුම්රියවලට යුද හමුදා ආරක්ෂාව යොදවා තිබූ බව අප වාර්තාකරුවෝ පවසයි. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)

(තිලකරත්න දිසානායක)