ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි


කළහකාරී පිරිස් විසුරුවීමට ගාලු මුවදොර පිටියට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව වාර්ථා වේ


ගාලු මුවදොර යුද පිටියක් වෙයි

( ඉන්දිකා රාමනායක, යොහාන් බාසුර, ජයමාල් චන්ද්‍රසිරි සහ ළහිරු හර්ෂණ ) 

අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වී එහි ඉදිකර ඇති අට්ටාල ඉවත් කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිති.

මේ වනවිට එම භූමියේ තිබූ කූඩාරම්වලට ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි. මෙම ගැටුම්වලට මැදිව තුවාල ලැබූ පිරිසක් මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.


නීර්පාක්ෂික විරෝධතාව අවට ආරක්ෂාව තර කරයි

(යොහාන් භාසුර)

අගමැතිට සහාය දැක්වීමට ආ පිරිසක් මේවන විට ගාලුමුවදොර දෙසට ගමන් කරමින් සිටින අතර ආණ්ඩුවට එරෙහිව ජනතා අරගලයක යෙදී  සිටින පිරිස් මිනිස් වැටක් යොදා ඇතැයි වාර්තා වෙයි.

ගාලුමුවදොර වටරවුම අසල පොලිසිය මාර්ගය අවුරමින් මාර්ග බාධක යොදා ජලප්‍රහාරක රථද කැඳවා තිබේ. ආණ්ඩුවට පක්ෂ විරෝධතාකරුවන්ට සාමකාමී විරෝධයේ යෙදෙන පිරිස සිටින ප්‍රදේශයට ඇතුළුවීම වැලැක්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: යොහාන් බාසුර)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)