තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ


(අංජුල මහික වීරරත්න)

සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (16) සහභාගී විය.

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව ජනාධිපතිවරයා ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත විය අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ,විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.