දළුගමින් මහනුවර මාර්ගය වැසෙයි


(ලාල් එස් කුමාර)

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නුවර මාර්ගය දළුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

පා ගමනට එක් වූ විශ්ව විද්‍යාල සිසුන් මාර්ගය හරස් කිරීම හේතුවෙන් එක් පැත්තකින් අවහිරවී ඇති අතර පා ගමන වැළැක්වීම සඳහා පොලිසිය දළුගම ටයර් හන්දිය ආසන්නයෙන් මර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවන පරිදි මාර්ග බාධක යොදා ඇත.

මේ හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියැදුරන්ට දන්වා සිටි.