නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි


(ටී.කේ.ජී. කපිල)

එක්සත් ජාතීන්ගේ වෙසක්  සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමිණියහ.

ඉන්දියා අගමැතිවරයා පිළිගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

(ඡායාරූප ඒඑෆ්පී, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියා අගමැතිගේ ට්විටර් ගිනුමෙනි)