පන්සලේ මල් වට්ටිය ලක්ෂ 11කට වෙන්දේසි වේ


 

(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )

මාතලේ ලෙනදොර කිරුලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති වෙන්දේසියකදි මල් වට්ටියකට රුපියල් ලක්ෂ  11ක් ලැබීමේ පුවතක් ලෙනදොරින් වාර්තා වෙයි.

දඹුල්ල කිරලැස්ස පුෂ්පාරාම   විහාරස්ථානයේ ධර්ම ශාලාවකට  ආධාර ලබා ගැනීම සඳහා එහි තරුණ බෞද්ධ සමිතිය නාට්‍ය හා සල්පිල සංවිධානය කළේය.

අලංකාරව සූදානම් කර තිබූ මල් වට්ටිය පැය හතරක පමණ කාලයක් එකිනෙකා අතරේ විවිධ මිල ගණන් යටතේ විරිඳු ගායන ශිල්පියා පිරිස දැඩි උනන්දුවක්  කරවන්නට    වූ අතර පැමිණ සිටි අති විශාල ජනතාව අතරේ   කණ්ඩායම් බෙදී මල් වට්ටියට  ලංසු තැබූහ

පැය හතරක් පමණ ගතවෙද්දී මල් වට්ටියට රුපියල් දස ලක්ෂයක ආධාර ලැබී තිබූණි.

දසලක්ෂ පනස් දහසක  මුදලකට  ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ තිදෙනකු වන ප්‍රයන්ත බණ්ඩාර, ශාන්ත බණ්ඩාර සහ පද්ම නිමල් බණ්ඩාර යන තිදෙනා අවසන් ලංසුව තැබූ අතර තවත් 50,000ක් එකතු කර රුපියල් ලක්ෂ 11කට එම මල්වට්ටිය මිලග ගත්හ.

මේ අතර ලෙලි සහිත ගෙඩි 4000 කට ආසන්න පොල් තොරණ  වෙන්දේසි කරන්නට සැලසුම් කොට තිබිණි. අලුයම් කාලය වන විට එම පොල් තොරන   රුපියල් දෙලක්ෂ  දස දහසක  මුදලකට වෙන්දෙසියේ අලෙවි විය.

මෙම මල්වට්ටි වෙන්දේසියේදී මුලින් ලංසුව තබන පුද්ගලයා මුළු මුදලම ගෙවිය යුතු අතර එතැන් සිට ලංසුව තබන සෑම පුද්ගයකුම පියවරෙන් පියවරට අවසන් ලංසුව හැර ඉතිරි මුදල ගෙවිය යුතුය. ඒ අනුව පැය හතරක් ගතවෙද්දී මල්වට්ටිය මල්වට්ටියට රුපියල් 10,50,000 ලැබී තිබූ අතර මල්වට්ටිය ලබාගත් සහෝදරයන් තිදෙනා වැඩිපුර 50,000ක මුදලක් ගෙවා මල්වට්ටිය හිමිකරගෙන බුදුන් උදෙසා පූජා කළේය.