පිලිප් සමරුවට පක්ෂ විපක්ෂ ඔක්කොම


(අංජුල මහික වීරරත්න)

 කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබූයේ  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ඉතිහාසඥ, කලා ශාස්ත්‍රීය විශාරද හා ජාත්‍යන්තර චිත්‍රපට සම්මානලාභී ආචාර්ය සිංහරාජ තම්මිට්ට දෙල්ගොඩ යන මහත්වරු ගුණ සමරු දෙසුම් පැවැත්වූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති  මුරුත්තෙට්ටුවේ ආනන්ද , ඇල්ලේ ගුණවංශ ,බෙල්ලන්විල රජ මහා විහාරධිපති බෙල්ලන්විල ධම්මරතන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද,හිටපු ජනාධිපතිවරුන් වන  මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,  කථානායක  මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා දේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ගීතා කුමාරසිංහ, ඩී.බී. හේරත්, අනුප පැස්කුවල්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රවුෆ් හකීම්, එස් .එම්.  චන්ද්‍රසේන, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉම්තියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග, යදාමිණි ගුණවර්ධනමහත්වරු ඇතුළු මැති ඇමතිවරු ද, තානාපතිවරු ආණ්ඩුකාරවරු ඇතුළු ආරාධිත පිරිසක්  සහභාගී වූහ.