පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි


 

 

(ළහිරු හර්ෂණ)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි. 

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කොම්පඤ්ඤවීදිය ඉදිකිරීම් කර්මාන්ත වැඩබිමකදී අහඹු ලෙස තෝරාගත් කම්කරුවන් 70 ක් පමණ වැඩබිමේදී පී.සී.ආර්  පරීක්ෂණයට යොමු කළේය.