බිත්තර ලක්ෂ ගණනක් මහකුඹුක්කඩවල කැලෑවට විසි කරලා


හිරාන් ප්‍රියංකර ජයසිංහ

මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂීතයට සතියකට ආසන්න කාලයකදි නරකු වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

පාරිභෝගි අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයෙ නිළධාරින් පවසන්නේ ප්‍රදේශවාසියකු විසින් තම කාර්යාලයට කල දැනුම් දීම මත එය සොයා ගත් බවයි.

මෙම වල්පාළුව රක්ෂීතය තුළින් ආ අධික දුගදත් සමග එය සොයා බැලිමට ගිය පුද්ගලයින් පිරිසක් මෙම දැවැන්ත බිත්තර තොගය දැක ඇති බව කියයි.