මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති


(ටී.කේ.ජී.කපිල)

ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් අද සවස  ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ගුවන් යානයෙන් බැස ගත් ක්‍රීඩකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.පරීක්ෂණ මධ්‍යස්ථානය සදහා යොමු කෙරුණි .

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලද පසුව මෙම පැරාලිම්පික් පදක්කම්ලාභී මෙම ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී  විශේෂ උත්සවයක් පවත්වා ඔවුන් පිළි ගත්තේය.

මෙම උත්සවය සදහා ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ, ක්රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා පැරාඔලිම්පික් ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිති .