මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවැසූහ.

මූල්‍ය කළමනාකරණය සහ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කීවෙි අතීතයේ සිදුවූ වැරදි මොනවාද යන්න පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳ අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි.