රටපුරා යළි තෙල් පෝලිම්


(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකිවිය.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ ඊයේ රාත්‍රී දිගු පෝලිම් නිර්මාණය වී තිබීම කැපී පෙනුණි.

වර්ජනය අවසන් නොවුණ හොත් ඉන්ධන පිරවුම්හල් ගැටලුකාරී තත්වයකට පත්වන බවත් රාත්‍රී වන විටත් බොහෝ පිරවුම්හල්වල තොග අවසන්ව තිබූ බවත් ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)