වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති


(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 

අද දින ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම සංචාරකයන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාසයක සංචාරයක් සදහා ප්‍රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර , එම සංචාරකයන් සමග ශ්‍රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ සිටියහ.

බස් රථවලින්  නුවරඑලියට පැමිණ එම සංචාරකයන් අද (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් හා ඔහුන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.