වල්අලි ගැටුම දුරදිග ගිහින් පොලිස් සැරයන් මරුට


(හේමන්ත රණසූරිය සහ බී.ජී.චතුරංග)

වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වීමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් එම ගැටුමට මැදි වූ පොලිස් සැරයන්වරයකු ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

එම කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුවක ඇතුලු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹකැපූවැව, තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචි බී.ගුණසිංහ නැමැති 48 හැවිරිදි ගොවි මහතකු වන තිදරු පියෙකි.

විරෝධතාකරුවන්ගේ පහර කෑමට ලක්ව අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව වාරියපොල  පදිංචිව සිටි පොලිස් සැරයන් ඒ.පී.සුනිල් (12601) නැමැති 54 හැවැරදි දෙදරු පියෙකි.

(ඡායාරූප: රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

මියගිය පොලිස් සැරයන් ඒ.පී.සුනිල් මහතා

0000000000000000000000000000000000000