විදුහල්පති මව සමග උරණවී දරුවන් තිදෙනා පාසලෙන් පන්නලා


(බී.ජී.චතුරංග)

මවක, විදුහල්පතිවරයා සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව  දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි.

තම දරුවන් තිදෙනා උදෑසන ආහාර ගනිමින් සිටියදී විදුහල්පතිවරයා තමා ඉදිරිපිටදීම පාසලෙන් එළියට දැමූ බවත්, නාම ලේඛනය ගෙන නම් කපා දමන ලෙසට එක් ගුරුවරියකට දැනුම්දුන් බව ද මව්පියෝ පිරිසක් කියති.

විදුහල්පතිවරයා කාන්තාවක් සමග කාර්යාලයේ සිටින විට කාර්යාලයේ දෙස බලමින් ගමන් කළ දරුවන් කිහිප දෙනකුට ද දෙනකුට ද මෙම විදුහල්පතිවරයා බැන වැදීමෙන් අනතුරුව විදුහල්පති කාර්‍යාලයට යෑමට ද ඇතැම් දරුවන් බිය පළ කරන බවද එම දෙමව්පියෝ පැවසූහ.

මෙම සිද්ධියට මව්පියන් පිරිසක් විරෝධය කළ කර අතර  පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට පියවර ගත්තේය. 

මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී අදාළ පාසලේ විදුහල්පතිවරයා මෙසේ පැවසීය.

ළමයින්ට සෙල්ලම් කිරීමට කලයක් රැගෙන යාමට කාර්යාලයට පැමිණි අවස්ථාවේදී, මෙම මව පාසල් භූමියේදී මට පරුෂ වචනයෙන් බැණ වැදුනා. සම්බන්ධයෙන්ම පොලිසියේ පැමිණිල්ලක් සිදු කළා.ඒ අය හොඳ අය නෙවෙයි, ඔය විරෝධතා දක්වන්නේ  එකම පවුලක මුණුපුරන්, දෙමව්පියන් සහ ආච්චිලා සීයලා පිරිසක්,මට කිසිම ඕන කමක් නෑ මේ පාසලේ බලහත්කාරයෙන් රැඳී සිටින්න, මාරුවක් ආවොත් හෙට වුණත් මම යන්න සූදානම්. මේ අය බැලුවා මාව අල්ලස් චෝදනාවකට ලක් කරන්න, බැරිම තැන දැන් හදනවා අනියම් සම්බන්ධකම් තියෙනවා කියලා මගේ චරිතය ඝාතනය කරන්න.