විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති


(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියනට  පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අවුරශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියෝ දැඩි පීඩාවන්ට පත්වූහ.

සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව ඇත.

එහිදී ඇතම් සිසුවියන්  අව් රශ්මිය බේරෙන්න යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි අයුරු දැකගත හැකි විය.

මෙලෙස සිසුවියන් එලිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ මාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවත් එලිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවද සිසුවියන්ගේ මාපියෝ පවසා සිටියහ.

එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම තරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්වයක් බවටත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවටද දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියහ.