විනෝදකාමීහු කලාඔය අසබඩ වනය වනසති


  හිරාන් ප්‍රියංකර ජයසිංහ

කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් එම පරිසරය වනසා දමා විල්පත්තුවට හානි කරන බව එළුවන්කුලම වන ජීවි කාර්යාලයේ නිළධාරිහු චෝදනා කරති.

පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් කෙළවර ආසන්නයෙන් මුහුදට ගලා බසිනා කලාඔයේ දිය නැමට පැමිණේන පිරිස් කුඩාරම් ගසමින් දින ගණනක් කාලය ගත කරමින් ඔය දෙපස කුඹුක් ගස් අසල ගිනි මැල ගසති. කුඹුක් ගස් මුල ලිප සකසා ගිනි දල්වමින් කර ඇති විනාශය නිසා මේ වන විට කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් ගිනි ගැනිමට ලක්ව ඇති බව දැක ගත හැකියි.

 මෙයට අමතරව කළාඔයේ සුන්දර වැලි තලාව වනසා දමමින්   පොලිතින් හා අනිකුත් දැ තැනින් තැන දමමිනි. මෙම වැලි තලාව බේබද්දන්ගේ රජ දහනක් කර ගනිමින් ඇති ආකාරයත් එසේ භාවිතා කල මත්පැන් බොතල් කුඩුකර දමා ඇත්තේ මිනිසෙකුට තබා සතෙකුටවත් අවිදිමට නොහැකි පරිද්දෙනි.

කලා ඔය අසල  රාත්‍රිය ගත කරන ඇතැම් සල්ලාලයින් ද නැතුවා නොවේ. ඔවුන්ගේ නොමනා ක්‍රියා නිසා  කළාඔය ට උඩින් වු විල්පත්තුව වන උයන  විනාශ වනවා පමණක් නොව එහි වෙසෙන සතුන්ද අවදානමට මුහුණ දෙති.

 

 මෙම  පරිසර විනාශයට බලපත්‍ර ලබා දි ඇති වනාතවිල්ලුව ප්‍රදේශීය සභාව කලාඔය ස්නාන තොටුපලට පැමිණෙන සැම වාහනයකින් එක් වරකට රුපියල් 50 බැගින් අය කරයි. කෙසේ වෙතත් මෙම මුදල අය කරන්නේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව මගින් ලබා ගනු ලබන්නේ කොන්ත්‍රාත් කරුවන් විසිනි.

 නමුත් මෙම කොන්ත්‍රාත්කරුවන් විසින් මුදල් අය කිරිමට පමනක් කටයුතු කරන බව පෙනි යන්නේ දිය ස්නානයට පැමිනේන පිරිස් සිදු කර ඇති අපරාධයට කිසිම විටකදි ක්‍රියාත්මක වි නොතිබිම නිසාවෙනි .

  දිය ස්නානයට පැමිණේන පිරිස් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් නාම පුවරු කඩා දමා ඇති අයුරුත් වන සංරක්ෂණ දේපාර්තුමේන්තුවට අයත් මායිම් කනු ලිප් කනු සදහා ගලවා ඇති අයුරුත්   දැක ගත හැකිව තිබේ.  මේ සියල්ල සිදුවන විටදි වගකිව යුතු රාජ්‍ය ආයතන නිහඩ ප්‍රතිපත්තියක සිටිම පුදුමය දනවයි.

 මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්.එන්.එම් . චිත්‍රානන්ද මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවන් කතාවකි.

අදාල ස්ථානය නිරික්ෂණය කරන්න මම ගියා ඒ නිරික්ෂණයට වන ජීවි නිළධාරින් , වාගේම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාවත් සහභාගි කරගත්තා .එහිදි මේ වන විට සිදුව ඇති අපරාධය මම දැක්කා බරපතලම තත්වයක් ඇතිවි තිබේන්නේ.

ගස් මුල් ලිප ගිනි තබා පුච්චලා පොලිතින් සැම තැනකම දාලා . මේ නිසා මම වහාම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාව දැනුවත් කලා මින් පසු මෙම ස්ථානයේ දිය නැමට පැමිනේන කිසිවකුටත් ගිනි ඇවිලිමට ඉඩ නොදෙන්න ඒ වාගේම රැගෙන එන පොලිතින්  සියල්ල දමන්න බැගයක් හදුනා දෙන්නත් දැන්වුවා .එයට අමතරව පැමිණෙන සැම වාහනයකින්ම රුපියල් 500 ක මුදලක් රදවා ගෙන රුගෙන යන සියලු අපද්‍රව්‍ය ආපසු රුගෙන විත් භාර දිමේන් පසුව රැදවුම් මුදල ලබා දිමටත් යෝජනාවක් කලා ඒ නිසා ඉදිරියෙදි කළාඔය විනාශ කිරිම නවතී යැයි දිස්ත්‍රික් ලේකම් වරයා පැවසිය.         

කුඹුක් ගසක් පාමුල ලිප් සකසා ගිනි දල්වමින් විනාශ කර තිබූ අයුරු...

කුඹුක් ගස් මුල අධික ලෙස ගිනි මැල ගැසීම නිසා දිරාපත්ව ගොස් ඇති අයුරු....

සංචාරකයන් විසින් කසල ද්‍රව්‍ය තැන් තැන්වල දමාගොස් තිබෙන අයුරු...

කලාඔයේ දිය නෑමට පැමිණි පිරිසක්...

තැන තැන දමාගොස් තිබූ හිස් ප්ලාස්ටික් බෝතල්...

කඩා විනාශ කළ නිවේදන පුවරු සහ දැන්වීම් පුවරු

කණු කඩාදමා පුළුස්සා තිබූ අයුරු...