විල්පත්තුවේ ඉපැරණි ‘බයෝබැබ්‘ ඉපැරණි ගස විනාශ වීමේ අවදානමක්


 (  එච්.චන්දන )

විල්පත්තුවේ - ගගේවාඩියේ  කුඹුරාඔය මායිමේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමක් ඇති  ‘බයෝබැබ්‘  නොහොත් අලි ගහේ, මුල අවට ජලයට සොදාගෙන යාමෙන් මෙම ගස කඩා වැටීමේ අවදානමක් ඇතැයි  සංචාරක මඟ පෙන්වන්නෝ පවසති. 

පුත්තලම දිස්ත්‍රික්කයේ  වනාතවිල්ලුව - ගගේවාඩිය හරහා බොට්ටුවෙන්  මූදු සංචාරය යෙදෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ  මුහුදේ සිට ගොඩබිමේ සුන්දරත්වය නරඹන ස්ථාන කිහිපයක් ඇති අතර එයින්  ආකර්ෂණයට භාජනය වන , එක් නැරඹීමේ ස්ථානයක් වන මෙම අලි ගස මුල අවට කුඹුරාඔයෙන් මහ මුහුදට ගලා එන ජලයෙන් සොදා පාළුවට ලක්වීම නිසා එම ගසේ විශාල මුල් කොටස් රැසක් විනාශ වී ඇති අයුරු දක්නට ලැබේ. 
 
මෙය දැනට වසර ගණාවක සිට සිදුවන අතර වර්ෂා කාලයේ ජලය වැඩි අවස්ථාවේ මේ තත්වය මීට වඩා වැඩි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති.

නැගෙනහිර අප්‍රිකාවේ  රතු මුහුදු ආසන්නයේ මෙම ශාක තිබෙන  අතර  මෙහි විශාල අතු දක්නට ලැබේ.  එම අතු උඩ කුඩා අතුවල පමණක් කොල දක්නට ලැබෙන අතර පත්‍ර අඩු බවත් , මේ විශාල අතුවල කද තුල ජලය  වසර ගණනාවක් තැන්පත් කර ගැනීමට හැකි වීම මෙම ශාකයේ විශේෂයකි.
 
මෙම ගස් ලංකාවට ආ අකාරය පිළබදව විවිධ මත ඇති  අතර  ඒ කාලයේ ඕමානයේ නැවියන් අභිය්‍යන්තර නාවික ගමන් වලදී , මෙම ගසේ ගෙඩි ඇඹුල් රස නිසා අහාරයට ගෙන විසි කළ කොටස් වලින් මෙම ගස් පැලවිය හැකි බවත්, සමහර රට වල ඇති මේ බයෝබැබ් ගස් වසර 800 වඩා පැරණි බව මේ පිළිබඳව අදහස් දැක්වු පරිසරවේදී නිතිඥ ජගත් ගුණවර්ධන මහතා සදහන් කළේය.
 

එමෙන්ම ලංකාවේ    ස්ථාන තුනක මෙම ගස් දක්නට ලැබෙන බවත් ඔහු  සඳපැවසීය.
 
පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයට අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව පැමිණි කාලයේ ඒ සංක්‍රමණය ආශ්‍රයෙන් විවධ ගණු දෙණු හරහා මෙම ගස හට ගන්නට ඇතැයි තම්මැන්නා පැරණි වැසියන්ගේ  අදහසක් වී තිබේ.