සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර


(ඉන්දිකා  රාමනායක)

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ  විරෝධතා  පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා  කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .

මේ හෙතුවෙන් දැඩි වාහන තදබදයක් ද ඇති විණි.

(ඡායාරූප ගයාන් අමරසේකර)

------------------------------------------------------------------------------------------------------------

සිසු පෙළපාලියට මාර්ග රැසකට ඇතුළු වීම තහනම් කරයි

(ඉන්දිකා  රාමනායක)

අන්තර් උසස්   ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද  (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත  පෙළපාලිය  කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග රැසකට සහ  රාජය ආයතනවලට ඇතුළු වීම වළක්වමින්  කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

එහි කැඳවුම්කරු , සාමාජික සාමාජිකාවන් සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය කර ඇති බව ද හෙතෙම කීය .

චෛත්‍යය පාරේ ,  එන් එස් ඒ  වටරවුමේ සිට   ජනාධිපති මාවත, බැංකු මාවත,  සෙරමික්  වටරවුම ,සෝන්ඩර්ස්  මාවත,වහල චැතැම් වීදිය,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල හන්දියේ  සිට ප්‍රධාන මාවත, ලේඩියන් බැස්ටියන් මාවත, මුදලිගේ මාවත, රෝහල්  වීදිය,කැනල් පාර මාර්ගවලට ඇතුළු වීම , ගමන් කිරීම  අධිකරණය මගින් වළක්වා   කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .

තවද  එම  ප්‍රදේශයේ රජයේ ආයතනවලට ඇතුළු වීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකිරීම,  දෙපලවලට  හානි කිරීම,  ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .