සිසු විරෝධය ජල ප්‍රහරවලින් දියකරයි


ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  සංවිධානය කළ විරොධතාව ජල ප්‍රහාරයක් එල්ල කරමින් විසුරුවා හැරියේය.

ලිප්ටන් වටරවුම අසලදී මෙම ජල ප්‍රහාරය එල්ල විය. පන්ති තහනමකට ලක්ව සිටින සිසුන්ට යළි ශිෂ්‍ය භාවය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. 

පොලිස් කැරලි මර්ධන ජල ප්‍රහාරක කණ්ඩායම්, යුද හමුදාව ද ආරක්ෂාව සඳහා යොදවා තිබුණි. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)