සිසුන් දෙකක් මහවැලි ගඟෙ ගසාගෙන යයි


(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)

වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින්ක සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටීයදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා  ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

මහනුවර ප්‍රධාන පාසල උසස් පෙළ සිසුවකු අතුරුදහන්ව ඇති අතර  සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇත්තේ ගන්නොරුවේ  පාසල සිසුවකු බවද පොලිසිය පවසයි.

විවිධ පාසල්වල සිසුන් පිරිසක් එකතු වී  එම ස්ථානයේ සාදයක් පවත්වා ඇති අතර ඒ අතරතුර එක් සිසුවකු මහවැලි ගඟට ඇද වැටෙද්දී ඔහු බේරා ගැනීමට තවත් සිසුවක පැන ඇති අතර දෙදෙනාම ගසාගෙන යද්දී එක් සිසුවකු පමණක් ගඟ මැද තිබූ ගල් පරයක එල්ලී තිබේ.

එසේ ගල් පරයක එල්ලූ සිසුවා  පැය ගණනාවක් එහි රැඳී සිටියදී මහනුවර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ  බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ . ජලයේ ගසාගෙන ගිය සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය කියයි.