‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘


(ඉන්දිකා රාමනායක)

‘‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා‘‘ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ 614 ෙදනෙක්ට විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු  මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසලේ දී විසිර ගියහ.

මෙම පිරිසට නිලධාරීන් 19 දෙනකු හා සෙසු නිළයන් 595 දෙනකු සිටි බව යුද හමුදාව පවසයි

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහභාගි විය