මහින්ද ටාජ් සමුද්‍ර හෝටලයේ ඉහළම මාලයේ




 

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර පිටියට පාක්ෂිකයන් එක්රැස්වන තුරු ගාලු මුවදොර ඉදිරිපිට පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ රැඳී සිටියේය.

එහි ඉහළම මාලයේ රැඳී සිටිමින් ගාලු මුවදොර පිටියේ සිදුවන දෑ පිළිබඳ විමසිල්ලෙන් සිටි රාජපක්ෂ මහතා තමන්ට අත වනන පාක්ෂිකයන්ට ආචාර කිරීමටද අමතක නොකළේය.

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)