හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇතැයි එම බැංකුව සදහන් කරයි.
2023 වසරේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් (HNB) සභාපති නිහාල් ජයවර්ධන මහතා මෙසේ පැවසීයග “මූල්‍ය අර්බුදයෙන් ඇති කළ අභියෝග නොතකා අපි 2023 වසර ආරම්භ කළේ ශුභවාදීව- කෙසේ වෙතත්, පවතින අවිනිශ්චිතතා පිළිබඳව අපි අවධානයෙන් සිටියා- මෙම අවිනිශ්චිතතා හරහා ඉදිරියට ගමන් කිරීම සඳහා ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර සහ අවස්ථා කෙරෙහි (HNB) අධ්යක්ෂ මණ්ඩලය නිරන්තරයෙන් අවධානය යොමු කළ නිසා සමස්තයක් ලෙස ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට අපට හැකි වුණා.
බැංකුවේ පොලී ආදායම 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 284.1ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 37-2 ක වර්ධනයක් පෙන්නුම් කරයි.එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමූ මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව බර තබන ලද ප්‍රතිපත්ති ණය පොලී අනුපාතිකය (AWPLR) ප්‍රතිශතාංක 8කින් පමණ පහළ යාමයි.
තැන්පතු අනුපාත පහත වැටුණද, ඉහළ පොලී අනුපාත යටතේ කාලීන තැන්පතු ඇතුළුව තැන්පතුවල සියයට 12.2 ක වර්ධනය හේතුවෙන් පොලී වියදම් සියයට 72.6 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 179.8ක් බවට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 104.3 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.4ක වර්ධනයකි.
ඉහළ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු, බැංකු හෝ මුදල් හුවමාරු සේවා වැනි විධිමත් මාර්ග හරහා මෙරටට එවන ලද විදේශ ප්‍රේෂණ වැඩි වීම සහ අපගේ ඩිජිටල් බැංකු සේවා භාවිතය වැඩි වීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 15.2 සිට රුපියල් බිලියන 15.8 දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව වසර සියයට 4.4 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, 2022 වසරේදී සැලකිය යුතු ලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීමට සාපේක්ෂව 2023 වසරේදී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීම නිසා විදේශ මුදල් හුවමාරු පරිමාව (SWAP) ඉහළ යාම සහ ශේෂ පත්‍රයේ වත්කම් නැවත තක්සේරු කිරීම හේතුවෙන් පසුගිය වසරේ එම කාලසීමාව සඳහා බැංකුව ශුද්ධ විදේශ විනිමය අලාභයක් වාර්තා කළේය.
2022 වසර දක්වා විදේශ මුදලින් වන රජයේ සුරැකුම්පත්වල ආයෝජන සඳහා රු- බිලියන 73ක් ලබා දී ඇති බැංකුව 2023 වසරේදී ඉතා කල්පනාකරීව රු- බිලියන 38ක අමතර ප්‍රතිපාදන සමඟින් සිය හානිපූරණ ආවරණය සියයට 35 සිට සියයට 52ක් දක්වා ඉහළ නංවා ගත්තේය. පැවති ගෝලීය හා දේශීය ආර්ථික අවිනිශ්චිතතාව හේතුවෙන් බැංකුව ඉතා කල්පනාකාරීව සියයට 57.5 ක ප්‍රතිපාදන ආවරණය පවත්වාගෙන යාමට සමත් විය.
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් (HNB) සමස්ත මෙහෙයුම් වියදම් රු- බිලියන 30.4 සිට රු- බිලියන 35.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ සියයට 22.0ක් වූ ආදායම් මත පිරිවැය අනුපාතයට සාපේක්ෂව 2023 වසරේදී ආදායම් මත පිරිවැය අනුපාතය සියයට 29.9 ක් ලෙස ඉහළ ගියේය.
බැංකුවේ සමස්ත බදු අනුපාතය සියයට 52.5ක් දක්වා ඉහළ ගොස් ඇත- ආයතනික බදු අනුපාතිකය සියයට 24 සිට සියයට 30ක් දක්වා ඉහළ යාම සහ 2022 ඔක්තෝම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් හඳුන්වා දීම සමස්ත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලවලට බලපාන ලදී.
හැටන් නැෂනල් බැංකුව 2022 වසරේදී වාර්තා කළ රු- බිලියන 14.0 බදු පසු ලාභයට(PAT) සාපේක්ෂව 2023 වසරේදී රු- බිලියන 20.35 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර (HNB) සමූහය 2022 වසරේ වාර්තා කළ රු- බිලියන 15.7 ක බදු පසු ලාභයට (PAT) සාපේක්ෂව 2023 වසරේදී රු- බිලියන 23.6 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.