Pick Me ටැක්සියකින් ගුවන් තොටුපළට රු. 700ක ආදායමක්


පික්මී සමාගම, ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සමග ඇති කරගත් නව ගිවිසුමකට අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) තුළ කුලී රථ නැවතුම්පළත් ක්‍රියාත්මක කර ඇත.

මෙම නව වැඩපිලිවෙළ විදෙස් සංචාරකයන්ට පහසුදායක වනවා මෙන්ම, ඔවුන්ගේ ගමන් රටා අධීක්ෂණය කිරිමට ද රුකුලක් වනු ඇත. එමෙන්ම එක් පික්මී වාහනයකින් රු. 700/- බැගින් අමතර ආදායමක් ඉපැයීමේ අවස්ථාව ද BIA හට ලැබෙන බව එම ආයතනය සඳහන් කරයි.

පික්මී හි ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆාර් ජිෆ්රි මහතා මෙසේ පැවැසීය. BIA හි පාරිභෝගික අත්දැකීම් වැඩිකර එහි දියුණුව උදෙසා ගුවන් තොටුපොළ සමඟ එක්ව කටයුතු කිරීමට අප සමාගම බලාපොරොත්තු වනවා. අපගේ වාහන ගමනාගමනය පිළිබඳව බලධාරීන් යාවත්කාලීන කිරීම සඳහා දෛනික වාර්තාවක් BIA වෙත ලබාදෙනවා. ඒ තුළින් අධිකාරියට මෙන්ම, සංචාරක කර්මාන්තයටත් පෞද්ගලික සංචාරකයන්ගේ (Fits) පැමිණීම් සහ අපක්‍රමණය ගණනය කිරීමට හැකි වන අතර ඔවුන් රට තුළ රැඳී සිටින පෙදෙස් සහ ගමන් කරන ආකාරය පිළිබඳව පහසුවෙන් අවබෝධ කර ගැනීමටද ඉවහලක් වනවා. විදේශීය සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිට රටේ ඕනෑම ප්‍රදේශයකට ඉතා සාධාරණ මිලකට ගමන් කිරිමට ඉඩ ලැබෙන අතරම විනිවිදභාවයෙන් යුත් පැහැදිලි ක්‍රියාවලියකට ප්‍රවේශවීමට හැකි වනවා. රට පුරා සැරිසරමින් වීඩියෝ සහ බ්ලොග් නිර්මාණය කරන සංචාරකයන් දැනටමත් ලොව පුරා අනෙකුත් ආගන්තුකයන් අතර පික්මී ප්‍රචලිත කර තිබෙනවා. BIA හි අනෙකුත් කුලී රථ ගාස්තුවලට වඩා අඩකටත් අඩු ගාස්තුවකට පික්මී රථයක ගමන් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

දැනට පික්මී වාහන නැවතුම්පොළ BIA සංචාරකයන් පිටවීමේ ස්ථානය අසල වර්ග අඩි 100 ක ඉඩ ප්‍රමාණයක් තුළ පිහිටා ඇත. පැය විසි හතර තුළම සේවා සපයන පික්මී ඕනෑම අවස්ථාවක එක් පිරියදුරෙක් හෝ තම වෙන්කර ඇති ස්ථානයේ නතර කොට ඇත. තමන්ටම ආවේණික වූ විශේෂ කුටියක් ගුවන් තොටුපොළ තුළ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සහ අධිකාරිය සමග පික්මී සාකච්ඡාවේ යෙදී සිටී.

595