අක්කර 100ක කොහොඹ රක්ෂිතය වැනසූ ඡන්ද පරාජිතයා


(එස්.ජි. උභයපාල)

මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොම  රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන්  විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මැදවච්චිය වල්පොල රක්ෂිතයට අයත් වන වගාවක් වන අතර කෝණකුඹුගොල්ලෑව, කටුවැව දැඹුවැව යන ගම්මානයේ පිහිටා ඇත.

වර්ෂ ගනනාවක  සිට මෙම රක්ෂිතයේ විටෙන් විට මේ ආකාරයට විනාශ කළ අතර ගම්වාසීන්ගේ මැදිහත් වීමේන් එය නවතා දමා ඇත.

මීට වසරක සිට දේශපාලනික සහ මැදවච්චිය රාජ්‍ය සේවයේ යෙදී සිටින බලධාරින්ගේ දැවැන්ත බලවේගයක් සමග පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු  මෙම කොහොඹ රක්ෂිතය විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා මැදවච්චියේ අදාල බලධාරින් දැණුවත් කළද බිහිරි අලින්ට වීනා වයන්නා මෙන් සිටි බව ගම්වාසීහු පවසති.

හොදින් වැඩුනු කොහොඹ ගස් 17 මේ වන විට විනාශ කර ඇත. මෙම වන විනාශය  නවතාලීමට මෙරට බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වල්පොල බීට්ටු නිලධාරි ප්‍රදීප් දන්ද්‍රකුමාර මහතා,

ඔය සිදුවීම හේතුවෙන් මේ ප්‍රදේශය භාරව සිටි බීට්ටු නිලධාරි ස්ථාන මාරු කර තිබෙනවා. ගම්මුන්ගේ පැමිණිලි අනුව මේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරලා පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු සහ තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන හෙක්ටයාර 0.3 ක් එළි කිරීම සම්බන්ධව අපි නඩු පැවරුවා. ඒ අනුව මෙම පුද්ගලයාට මෙම රක්ෂිතයට ඇතුලත්වීම සහ එහි සංවර්ධන කිරීම් නවතා දැමීම සම්බන්ධව නියෝගයක් ලබා ගත්තා. 

ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මිය,

ඔය සිදුවීම් හමුවේ අපේ නිලධාරිවරයකුටත් මේ වන විට විමර්ශණ සිදු වෙනවා. මෙම ප්‍රදේශය අඩවි වන කාර්යාලයට අයත් කොටසක්. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් භූමියට ආසන්නම කොටසක්.  අපි මේ සිදුවීම්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.