(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
අකුරණ නගරය හරහා ගලා යන ප්රධාන ඔය සහ දුනුවිල මාර්ගය සමගාමිව ගලා බසින වහගල ඔයද පිටාර ගැලීම නිසා මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරයෙන් යට වී තිබිණ.
මේ නිසා මෙම මාර්ගයේ වාහන ගමනාගමනයටද හානි සිදුව තිබිණ. මෙම ගංවතුර තත්වය හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණ.
අකුරණ නගරය දින කිහිපයකට පෙරද මෙලෙස ජලයෙන් යටව තිබූ අතර මේ සතියක් තුල දෙවන වරටත් මෙලෙස ජලයෙන් යටව තිබිණ