අගනුවරට මායිමේ: ඔන්ලයින් ගස් උඩ


(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ දිස්ත‍්‍රික්කයේ මායමේ පදිංචිව සිටිය ද දුරකතන අන්තර්ජාල පහසුකම් නොලැබීම නිසාවෙන් අඩි 40 ක් පමණ ගස්වල අට්ටාල මත නැග මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් පිරිසක් පිළිබදව වෑවිල කළටුවාව ප‍්‍රදේශයෙන් වාර්තා වේ

කොළඹ සහ රත්නපුර දිස්ත‍්‍රික් මායම් ගම්මානයක් වන රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් වෑවිල කළටුවාව ගම්මානයේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන කටයුතු සදහා ඔවුන්ගේ නිවාස තිබෙන ප‍්‍රදේශවලට දුරකථන සමාගම් මගින් ලබා දෙන අන්තර්ජාල සංඥා නොලැබීම නිසාවෙන්  මේ දිනවල ප‍්‍රදේශයේ උස් ස්තානවල ගස්වල අට්ටාල බැඳ ඒ මත නැග උදෑසන සිට රාත‍්‍රී වනතුරුම ඉගෙනුම් කටයුතුවල නිරත වන ආකාරය දැක ගත හැකි විය.

මෙවර අධ්‍යනය පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට මුහුණ දිමට නිමිත දරුවන් මෙන්ම අනෙක් ශ්‍රේණි සදහා උගෙන ගන්නා දරුවන් ද තම ජංගම දුරකථනවලට අවශ්‍ය අන්තර්ජාල සංඥා නොලැබීම නිසාවෙන් මෙලෙස අට්ටාල මත නැග අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් වසරකට වැඩි කාළයක සිට අදාල දුරකථන සමාගම් දැනුවත් කල ද මෙතෙක් ඒ සදහා විසඳුමක් ලබා දීමට කිසිවකු කටයුතු නොකල බැවින් මෙලෙස හැකි ආකාරයෙන් දුරකථන සංඥ යාන්තමින් හෝ ලැබෙන උස් ප‍්‍රදේශවල පිහිටි ගස්වල අට්ටාල බැඳ දරුවන් අධ්‍යාපන කටයුතු සදහා යොමු කළ බවද එම මාපියන් පවසති.