අගමැති ඉතාලි බලා ගමන් අරඹයි


(ටී.කේ.ජී.කපිල සහ ළහිරු හර්ෂණ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරය සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඉතාලි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

අගමැතිවරයා සමග දූත පිරිස 17 දෙනෙක් ද ඉතාලිය බලා පිටත්ව ගියහ

මෙම පිරිස අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් , මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය .