අගමැති මහින්ද කතරගම පුදබිමේ


කේ.ඩී.දේවපි‍්‍රය   

 

නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (2) දහවල් විශේෂ ආගමික වතාවත් වල නිතරවීම පිණිස රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය.

කතරගමට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රථමයෙන් කිරිවෙහෙර වැඳ පුදාගෙන පසුව කතරගම දේවාල භූමියට පැමිණි අතර එහිදී අෂ්ඨ ඵළබෝධිය වැඳ පුදා ගෙන මහා දේවාලය ඇතුළු පරිවාර දේවාල වෙත ගොස් පළතුරු පුජාවන් තබා දෙවියන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර ගැනීම සිදු කෙරිණි.

පසුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හා රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිණවාරාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්ස හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.