අගමැති වීරවිල යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක


වීරවිල යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ සහභාගි විය. 

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියෝ අට දහසක් පමණ යොවුන් පුරයට සහභාගි වී සිටියහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස, වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරංග වැලිඅංගේ යන මහත්වරුන් කඳවුරුවලට ගොස් තරුණ තරුණියන් සමඟ සුහද පිළිසදරක ද නිරත වූහ. 

කුරුණෑගල දිස්ත්‍රික් කඳවුරේ දී අගමැතිගේ උපන් දිනයට සුබ පතමින් කේක් කපා ගීත ගායනා කරමින් සුභ පැතීමේ වැඩසටහනක් සහ අගමැති තරුණ කඳවුරේ තරුණ තරුණියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප  - ඉෂාන් සංජීව)