අගමැතිනිය කැලණියට


(ලාල් එස් කුමාර)

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද (02) රාත්‍රී 7.35 ට පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය.

කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත ,මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය .

අනතුරුව නාහිමියෝ සධාතුක කරඬුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ⁣ මෙනවියගේ හිස තබා ආශිර්වාද කළහ.

එම අවස්ථාවට විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ද සහභාගි විය.