අග්නිදිග සරසවි සිසුන් පන්දම් අතැතිව විරෝධතාවයක


 

(වසන්ත චන්ද්‍රපාල)

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු එහි පාලනධිකාරියට විරුද්ධව රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාලයේ දොරටුව අභියස පන්දම් අතැතිව විරෝධතා ව්‍යපාරයක් පැවැත්වූහ.

අසාධාරණ ලෙස පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම, පරිපාලන ගොඩනැගිල්ල සිසුන්ට විවෘත කිරීම, නේවාසිකාගාරවල සහ ආපන ශාලාවේ ගැටළු නිරාකරණය කිරීම සහ විශ්වවිද්‍යාල භූමියෙන් පොලිසිය ඉවත් කිරීම යන කරුණු මුල් කරගෙන මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.

විශ්වවිද්‍යාලය තුළ සිට විරෝධතා පා ගමනින් පැමිණි සිසුවෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවන ගේට්ටුව අභියසදී මෙම විරෝධතාවය පැවැත්වූහ. මෙම විරෝධතාවයට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සහ කළමණාකරණ පීඨයේ සිසුහු 600 ක් පමණ සහභාගි වූහ.