අඟුරු කකා වතුර බිබී කොළඹ සිටන් නානුඔයට


(රංජිත් රාජපක්ෂ)                       

රටවල් 12 ක විදේශිකයන් 38 දෙනෙකු රැගෙන ගල් අගුරු දුම්රිය 09 වැනිදා  කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර දුම්රිය අද (11) නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණි.

ගල් අගුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර දුම්රිය එන්ජිමට අවශ්‍යය ජලය ලබා ගැනීම අද සිදු කෙරිණි.

දුම්රියෙන් ගමන් ගන්නා විදේශිකයන් උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන ඡායාරුපගත කරමින් දෙමෝදර දක්වා ගමන් කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගල් අගුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබූ අවස්තාවේ එය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.