අතරමංව සිටි අලි පැටියා නිකවැරටිය වනජීවියෙන් උඩවලව ඇත් අතුරු සෙවනට


(ප්‍රියානි මංගලිකා )
                        

මවගෙන් වෙන්වී මීගලෑව ප්‍රදේශයේ  කෑලෑවක අතමංව සිටි කුඩා අලි පැටියෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මුදාගෙන  අද (02) උඩවලව ඇත් අතුරු සෙවනට බාර දීමට පියවර  ගෙන ඇත.
                     
මව ගෙන් වෙන් වූ වයස අවුරුදු දෙකක් පමණ වූ අලි පැටියා මීගලෑව ප්‍රදේශයේ වන රොදක අතරමංව සිටියදී වනජීවි නිලධාරීන් විසින් මුදාගෙන ඇත.
                      
අලි පැටියා මේවන විට කිසිඳු රෝගාබාධයක් නොමැති බවත් ඉතා හොඳ නිරෝගි සුවයෙන් පසුවන බවද නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි .
                       
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල යන මහතුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද, අවස්ථාවට එක්වූහ .