අද අපි අකුරු කරනෙමු ගස් සෙවණ යට...


පාසල් ඇරපු                           හන්දා

අම්මා මාව පාසලට ආවා         කැන්දා

ගුරුවරු නොමැති                     හන්දා

පොලිස් මාමේ දෙපා                වැන්දා

 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට වාර්තා නොකිරීම හේතුවෙන් සෑම පන්ති කාමරයක්ම ඉබි යතුරු දමා වසා දමා තිබෙන අයුුුරු දක්නට ලැබිණි. ඒබැවින් පාසල් පැමිණි දරුවන්ට ගස් සෙවණේ සිටීමට සිදුවිය.

දරුවන් මව්පියන්ගේ දෙපා වැඳ පාසැලට පැමිණෙද්දී තවත් දෙමව්පියන් පිරිසක් මල් කළඹ  ලබා දී දරුවන් පිළිගත්තද ගුරුවරුන් පාසලට පැමිණ නොසිටීම හේතුවෙන් පාසලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේගේ දෙපා වැද  දරුවන් පාසලට පැමිණි අයුරු දැක ගැනීමට හැකිවිය.