අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්


(ළහිරු හර්ෂණ)

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන විරෝධතාවයක් අද(14) මේ වන විට පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වේ.

පාසල් වලට තාවකාලිකව අනුයුක්ත කර ඇති වයස 35 ඉක්මවූ අභ්‍යාසලාභී උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ  තරඟ විභාගයට මුහුණදීමට අයදුම්පත් කැඳවීමේදී සීමා කර ඇති වයස් සීමාව 35 ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ග තදබදයක් ඇතිව තිබේ. මාර්ගයේ එක් මංතීරුවක්ද වසා දමා ඇත.