අධ්‍යාපනයේ විවාදය බලන්න සිසු දරුවෝ දහස් ගණනක් මැති සබයට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණි බව වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු මහතා පැවසීය.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බව වෙිත්‍රධාරීවරයා වැඩි දුරටත් පැවසීය.

ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් ඇතුලත මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක කාරකසභා අවස්ථා විවාදය අද විවාදයට ගැනුණි.