අධිබල විදුලි රැහැනක ගැටී අලියෙකු මරුට


(ඡායාරූප - නවරත්න සමරතුංග)

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)

(නවරත්න සමරතුංග)

අම්පාර උහන ප්‍රධාන මාර්ගයේ සමනබැද්ද වංගුව අසලදී අද (08) අධිබල විදුලි රැහැනක ගැටී විදුලි සැරවැදී අලියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව උහන පොලීසිය පවසයි.

සමනබැද්ද සිවිල්ආරක්ෂක බලකා කඳවුරට මඳක් දුරින් ඇති වංගුව සහිත ස්ථානයේ මෙම අධිවේගී විදුලි රැහැන් කණුව පිහිටා ඇත.

අලියා එම විදුලි රැහැන් කණුවේ පිට අතුල්ලා කසන්නට යාමේදී එය කැඩී විදුලි සැර වැදී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව උහන පොලීසියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලි කණුව කැඩීයාමෙන් උහන සහ තදාසන්න ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධිවී ඇති බවද පොලීසිය කියයි.