අධිවේගයට ගුවන් යානයක් වැටිලා


ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

පැරිස් අගනුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට ගුවන් යානය කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ විය.

ගුවන් යානය අනතුරට පත්වූයේ ඇයිදැයි මෙතෙක් තහවුරු වී නැත. නියමුවා එය අධිවේගී මාර්ගයට ගොඩබාන්න උත්සාහ ගන්න ඇතැයි අනුමාන කෙරේ.