අධිවේගයේ තවත් කොටසක වැඩ අවසන් අදියරේ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මීටර් 43 ක් වන මාර්ගය නොවැම්බර් මස 15 වැනිදා විවෘත කිරීමට නියමිතය.

අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට සේවක පිරිස් දිවා රෑ දෙකේම කටයුතු කරන අයුරු එහි සංචාරය කළ අපට දැක ගත හැකි විය.

මෙම මාර්ගය විවෘත කිරීමත් සමග ඉතා සුළු වේලාවකින් මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ හැකියි.