අධිවේගී තුනක් යා කරන කැලණි කේබල් පාලමේ වැඩ අවසන් අදියරේ


අධිවේගී මාර්ග තුනක් යා කරමින් ඉදිකළ කේබල් පාලමේ වැඩ මේ වන ඉදිකිරීම්වලින් සියයට 99.5ක් අවසන් කර ඇතැයි එහි ඉංජිනේරුවෝ පවසති.

දිගින් මීටර් 380ක් පමණ වන මෙම ඉදිකිරීම් සඳහා බිලියන 9.8ක් පමණ වැය කර ඇත.

අධිතාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකෙරෙන නව කැළණි පාලම ලබන මස අවසන් සතියේ විවාත කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

කටුනායක අධිවේගී මාර්ගය, කොටුව අධිවේගී මාර්ගය සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ග යා කරමින් මෙම මාර්ගය ඉදිකරයි.

කටුනායක සිට මෙම පාලම ඔස්සේ කොටුවට පැය භාගයකින් ළඟා විය හැකි බව ද ඉංජිනේරුවෝ පවසති.

ඡායාරුප ශාන්ත රත්නායක