අනතුරින් පසු බසයට ගිනි තබයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

අවිස්සාවේල්ල මානියම්ගම මාර්ගයේදී 65 හැවිරිදි පාපැදිකරුවකු ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයකට යට වී මිය යාමත් සමඟම කුපිත නගරවාසීන් බස් රථයට ගිනි තබා විනාශ කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක වයෝවෘද්ධ පුද්ගලයයෙකි.

බස් රථයට ගිනි තැබීම හේතුවෙන් අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මානියංගම මාර්ගයේදී යතුරුපැදිකරු බස්රථයට යට වීමත් සමගම බස් රථයේ රියැදුරු පලා ගොස් තිබූ අතර අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු බස් රථය පණගන්වා අවිස්සාවේල්ල නගරයට ගොස් පොලිසිය කරා පැමිණෙමින් සිටියදී කුපිත වූ නගරවාසීන් බස් රථය වටකරගෙන ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

ගිනිතැබීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.