අනතුරින් බිලිදා මරුට


(ප්‍රදීප් කුමාර)

යාපනය කන්කසන්තුරේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි.

කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාගම් සිට මරදනාමඩම් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී එය පෙරලි ගොස් මෙම අනතුර සිදුව තිබේ.

එහිදී එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව හා ඇයගේ වයස අවුරුදු 02 ක් පමණ වන කුඩා පිරිමි දරුවා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී බරපතල තත්වයෙන් පසුවූ කුඩා පිරිමි දරුවා ජිවිතක්ෂයට පත්ව තිබේ.