අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට


 

 

 

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ  හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා  අනුර විදානගමගේ මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

අනුර විදානගමගේ මහතා   දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ  උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ් මහතා  පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

නාගරික හා  නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ  හිටපු ආණ්ඩුකාරවර  ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා  පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා  අස්වී  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා  අනුර විදානගමගේ මහතා  පත්කර තිබේ.