(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර හබරණ කිලෝවෝල්ට් 220ක නව සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමේ ලංසුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවි බල ගැන්වීමේ ව්‍යාපෘතියේ 4A පැකේජය යටතේ කිලෝමීටර 45 ක් වූ නව අනුරාධපුර නව හබරණ කිලෝ වෝල්ට් 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම සඳහා වූ සිවිල් ඉදිකිරීම් කටයුතු, කුලුනු ඉදිකිරීම් සහ රැහැන් එලීමේ කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 2 ක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන M/s Ceylex Engineering (Pvt.) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.