(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාල සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා සැකකරු සිටින ඉසව්ව මේ වන විට හඳුනාගෙන තිබෙන බව කීය.