අනුරාධපුරේ අනතුරින් හිමිනම අපවත් වෙයි


(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන)

මරදන්කඩවල - අනුරාධපුර මාර්ගයේ දයාගම හන්දිය ආසන්නයේදි හිමිනමක් ඇතුළු පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි  සිදු වූ අනතුරකින් 67 හැවිරිදි හිමිනම අපවත්වි කාන්තාවන් දෙදෙනකු හා පිරිමි ළමයකු  තුවාල ලබා රෝහල් ගතකළ බව මරදන්කඩවල පොලිසිය කියයි.

මෙසේ අපවත්වි ඇත්තේ  ධමිමදින්නාරාමය ,05 ඇළ ,ශ්‍රවස්තිපුර,අනුරාධපුර යන ලිපිනයේ වැඩවිසු  දුටුවැව ධම්මදින්න(67)නම් හිමිනමකි. 

ලොරි රථයේ රියදුරා ලොරිය නවතා ලොරි රථයෙන් බැස සිටියදි හිමිනම ඇතුළු පිරිස රැගත් වෑන් රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව ලොරි රථයේ පිටුපස හප්පවා ඇතැයි පොලිසිය කියයි.