අපට යුද්ධයක් ඕනෑ නෑ


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, යුද විරෝධී රුසියානුවොන් දහස් ගණනින් මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ කර ඇත.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යොදවා ඇති බවත්  ගතවුණු පැය 24 ඇතුළත 2,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානුවන් තමන්ට යුද්ධයක් එපා කියමින් ජනාධිපති පුටින්ට විරෝධය පළ කරමින් වීදි බැස්සේ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළ දිනයේ එනම් පසුගිය 24 වැනිදා සිටය.

එදා සිට මේ වනතුරු විරෝධතා පැවැත්වෙන අතර, පොලිසිය අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 5,000 ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. විරෝධතා මෛහයවන්නේ රුසියානු රජය විසින් දැඩි ලෙස මර්දනයට ලක් කරනු ලැබූ එරට විපක්ෂ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමෙනි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය :- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න